WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් භූ කම්පනයක්

2022-11-23 12:53:42- Page Views : 1187

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.

මේ අතර ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි හටගත් භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 268ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.