අමෙරිකාවේ සුපිරි වෙළදසැලක වෙඩි තැබීමක්
2022-11-24 09:16:49- Page Views : 1187
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක සිදු වූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මියගොස් තවත් 6දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.
එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ දීර්ඝ කාලයක් එම වෙළදසැලෙහි සේවය කළ කළමනාකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙඩි තැබීමට හේතුව අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීමෙන් පසුව එම තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන තිබෙනවා. 31 හැවිරිදි කළමණාකාරවරයා සන්තකයේ තුවක්කුවක් සහ මැගසීන් කිහිපයක්ද තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.