WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනිසියාවේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින දෙකක් සිර වී සිටි හය හැවිරිදි දරුවෙක් බේරා ගැනෙයි

2022-11-25 11:35:17- Page Views : 1187

ඉන්දුනිසියාවේ පසුගිය දා ඇති වූ භු කම්පනය හේතුවෙන් කඩා වැටුනු ගොඩනැගිල්ලක සුන්බුන් අතර ආහාර හා ජලය නොමැතිව දින දෙකක් සිරව සිටි හය හැවිරිදි පිරිමි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ මියගිය මවගේ සිරුර සමිපයේ සිටියදි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වීමෙන් පසුව බේරාගෙන ඇති බවයි.

ඉන්දුනිසියාවේ සිදුවු භු කම්පනයෙන් පුද්ගලයින් 271 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 10000ක පිරිසක් තුවාල ලැබුවා.

151 දෙනෙකු අතුරුදන් වි ඇති අතර සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිර වී සිටින්නේ දැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.