තායිවාන ජනපතිනිය පක්ෂ නායකත්වය අත්හරී
2022-11-28 08:54:00- Page Views : 1187
තායිවාන ජනපතිනි සායි ඉන් වෙන් පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිවානයේ පැවති පළාත්පාලන මැතිවරණයේදී එම පක්ෂය පහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම හේතුවෙන් ජනපතිනිය මෙම තීරණය ගත් බවයි.
එරට ප්‍රධාන විපක්ෂය වන ක්වෝමින්ටැන්ග් පක්ෂය තායිපේ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.