WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි

2022-12-01 09:36:48- Page Views : 1187

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොමු වී තිබේ.

ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනි.

ඇමෙරිකන් සම්බාධක හේතුවෙන්, රුසියාවට ඔවුන්ගේ මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ අනුව, ඉන්දියාවෙන් හෝ ඉන්දියාව හරහා හෝ අමතර කොටස් ලබා ගැනීමට සිදුවී තිබේ.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රුසියාව, ඉන්දියාවට තෙල් විකිණීම ද සිදුවෙයි. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ විශේෂ අඩු මිලකටය.

රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට මැදහත්කරුවකු වීමට සුදුසුම තැනැත්තා ඉන්දියාව යැයි ඇමෙරිකාව අවස්ථා ගණනාවකදී පවසා තිබේ.