WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ නවීකරණය කිරීමට පියවර

2022-12-04 09:51:12- Page Views : 1187

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා.

ඒ, රාජකීය සම්ප්‍රදායට අනුවයි. බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ මෙම ඓතිහාසික කිරුළ පළඳවනු ලබනවා.

එය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙසයි.

රාජභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණේයි.

බකිංහැම් මාලිගාව පවසන්නේ ලබන වසරේ මැයි මාසයේ පැවැත්ැවෙන තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවයි.