ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගනී
2022 December 05- Page Views : 1187
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කළේ තමන් බව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම නැමැති සංවිධානයක් පිළිගෙන තිබේ.
සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබුණි.
පාකිස්තාන තානාපතිවරයා සහ තවත් නිලධාරීන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා විය.
වෙඩි තැබීමෙන් තානාපතිවරයාට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට හානි සිදුව නැත.
ඇෆ්ගනිස්තානයේ කාබුල්නුවර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පවසා ඇත්තේ එය ඝාතන උත්සහයක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්ය.