WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ්

2022 December 06- Page Views : 1187

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද(05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත.

කොවිඩ් රෝගය වැළඳී ඇතැයි සැකයක් තිබේනම් වහාම පරික්ෂා කරගැනීමට යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු අග්‍රාමාත්‍ය ඇල්බනීස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඇල්බනීස් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

අග්‍රාමාත්‍ය ඇල්බනීස් එළඹෙන 12 -13 පැපුවා නිව්ගිනියාවේ වේ සංචාරයක නිරත වීමටද නියමිතව ඇත.