WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චාල්ස් රජුට තවත් බිත්තර ප්‍රහාරයක්

2022 December 08- Page Views : 1187

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 20 හැවිරිදි කරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් කුමරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ප්‍රහාරය එල්ල වෙද්දී, 74 හැවිරිදි චාලස් රජු උතුරු දිග ලන්ඩනයේ ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවෙමින් සිටියේය. එල්ල කළ බිත්තරය, රජුගේ සිරුරේ නොවැදුණු බව ද බෙඩ්ෆෝඩ්ෂයර් පොලිසිය පවසයි.

චාල්ස් රජු ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවූයේ ශීක් දොවොලක් විවෘත කිරීමෙන් ද පසුවය. ලුටොන් නගරයේ ශීක් ප්‍රජාව බහුලය.