WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අක්කටයි නංගිටයි එකම මනාලයයි

2022 December 08- Page Views : 1187

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මනාලයා 36 හැවිරිදි ​අතුල් උත්තම් යුතාදේ ය. මොහු මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන්නෙකි. මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් සෝලාපූර්හි පැවැත්වූයේ පසුගිය සිකුරාදා දිනයේය.

ඉන්දීය පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් මංගල උත්සවයට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර, උත්තම් යුතාදේ පොලිසියේ ද අවධානයට ලක් විය.

බහු විවාහ චෝදනා එල්ල වුණු ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බවත්, චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් වසර 7 ක සිර දඩුවමක් හිමිවනු ඇති බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය පවසයි.

විවාහ වී එකිනෙකාගෙන් වෙන් වී සිටීමට අකමැති බැවින්, තමන් එකම සැමියකු තෝරා ගත් බව රිංකි පිංකි පඩ්කොංගාර් නිවුන් සොහොයුරියන් පවසා තිබේ.

මව සහ පඩ්කොංගාර් පවුලේ ඥාතීන්ගේ කැමැත්ත සහ ආශිර්වාදය මැද මංගල උත්සවය පැවැත්විණි. සොහොයුරියන් දෙදෙනාගේ පියා ජීවතුන් අතර නැත.

රිංකි පිංකි හොඳ අධ්‍යාපනයක් ලබා ඇති අතර, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවල නියැලී සිටිති.