"අර්බුදයේ දී උදව් කිරීම අසල්වැසියාගේ වගකීමයි!" ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි
2022 December 09- Page Views : 1187
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ උපකාර කිරීමට ඉන්දියාව ඉදිරිපත් නොවන්නේ නම් එය අසල්වැසියෙකුගේ වගකීම් පැහැර හැරීමක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.
ඒ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තමිල්නාඩු MDMK පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් එරට රාජ්‍ය සභාවේ දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී ඉන්දියාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් තමිල්නාඩු MDMK පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ ඉන්දීය රාජ්‍ය සභාවේදී පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අදහස් පළ කරමින් කියා සිටියේ,
"වයිකෝ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනවා නම් පළමුවැන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ඇයිදැයි පැහැදිලි කරන්නම්. එය වර්තමාන රජය පමණක් නොවෙයි මීට පෙර සිටි ඉන්දීයරජයන් පවා අනුගමනය කළ ඉන්දියාවේ දීර්ඝ කාලීන ස්ථාවරත්වය බව කිව යුතුයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජන ප්‍රජාවගේ අභිලාෂය වෙනුවෙන් කටයුත කළ හැකි වඩාත් ඵලදායි ක්‍රමය එයයි. එය ශ්‍රී ලංකාව පිළිබඳව තවදුරටත් අපගේ ප්‍රවේශය වනවා. ශ්‍රී ලංකාවට අප ලබාදුන් සහය පිළිබඳව සදහන් කරනවා නම් මම විශ්වාස කරනවා වයිකෝ මන්ත්‍රීවරයාත් ප්‍රසාදයට ලක්කළ යුතු කරුණක් තමයි අප සමස්ත ලංකාවටම සහය වීම පිළිබඳව. එලෙස සහාය දුන් ජනතාව අතර සිංහල, දෙමළ සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළත්. එලෙස ආධාර කිරීමේදී අප ජනවාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළේ නැහැ. මේ ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදෙන අසල්වැසියෙකුට මේ මොහොතේදී සහයවීමට ඉදිරිපත් නොවන්නේ නම් අපි අපේ වගකීම පැහැර
හැරීමක්." යනුවෙන්.