WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවේ යුද ආධාරකරුවා ගැන හෙළිදරව්වක්

2022 December 10- Page Views : 1187

ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වන බව ජෝන් කර්බි පවසයි.

පසුගියදා රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන යානා ඉරානය විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඉරානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.