ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක්
2022 December 11- Page Views : 1187
යුක්රේන යුද්ධයේ දී මේ වනවිට රුසියාවේ පූර්ණකාලීන ආරක්ෂක හවුල්කරු බවට පත් වී ඇත්තේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
ඇමෙරිකාව පවසන ආකාරයට යුක්රේනයට පහර දීමට අවශ්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා රුසියන් හමුදාවට ලැබෙන්නේ ඉරාන හමුදාවෙනි.
ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ චෝදනා නගා ඇත්තේ එරට ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක ජෝන් කර්බිය.