ඔස්ට්‍රේලියාවේ වෙඩිතැබීමක්
2022 December 13- Page Views : 1187
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රිස්බේන් නගරයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසයි.
අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බැවින් නැවත දැනුම්දෙන තුරු නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මියගොස් ඇති අනෙක් සිව්දෙනා ප්‍රදේශවාසීන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.