චැඞ් කාන්තාරයෙන් මළසිරුරු 27 ක් හමුවෙලා
2022 December 14- Page Views : 1187
සංක්‍රමණිකයන් 27 දෙනකුගේ මළසිරුරු චැඞ් කාන්තාරයෙන් හමුවී ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මළ සිරුරු අතරේ කුඩා දරුවන්ද සිටින බව පැවැසෙයි.
චැඞ් යනු අප්‍රිකා කලාපීය රටකි. මෙම සංක්‍රමණිකයන් පිරිස මීට වසරකට පෙර, චැඞ් රාජ්‍යයේ මොසෝරෝ නමැති නගරයේ සිට මුහුද දෙසට ගමන් අරඹා ඇත.
කෙසේ නමුත්, ඔවුන් කාන්තාරයේ අතරමං වී, පිපාසයෙන් මියයන්න ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය අනුමාන කරයි.