හදිසි ජල ගැලීම්වලින් කොංගෝවේ 120 ක් මරුට
2022 December 14- Page Views : 1187
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ, කිංෂාසා අගනුවර හටගත් හදිසි ජල ගැලීම්වලට 120 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම් හේතුවෙන් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය.
ජල ගැලීම්වලට හේතුව වූයේ දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසිය. මහ වැසි සමඟ කොංගෝ නදිය පිටාර ගැලුවේය. හදිසි ජල ගැලීම් සිදුවූයේ නායයයෑම් ද සමඟය. අගනුවර ප්‍රදේශ රැසක් මඩ තට්ටුවලින් යට වී ගිය බව පැවැසෙයි.
අගනුවර සිට වරාය නගරය වන මටාඩි දක්වා දිවෙන අධිවේගී මාර්ග මඩ තට්ටුවලින් වැසී ගොස් ඇති බවත්, ගමනාගමන කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ. කොංගෝවේ කිංෂාසා යනු අප්‍රිකාවේ දිනෙන් දින දියුණු වෙමින් පවතින නගරවලින් එකකි. ජනගහනය මිලියන 15 කි.