උතුරු කොරියාවෙන් නවතම අත්හදාබැලීමක්
2022 December 16- Page Views : 1187
උතුරු කොරියාව අධිතෙරපුම් ඝන ඉන්ධන මෝටාරයක් අත්හදාබලා තිබෙනවා.
එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණයෙන් සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී ඊයේ (15) මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
උතුරු කොරියානු නායකයා එහි දී ප්‍රකාශ කර ඇත්තේ, න්‍යෂ්ටික බලය අතින් ශක්තිමත්ම රට වීමට අපේක්ෂා කරන බවයි.
මෙවැනි අත්හදාබැලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙමඟින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සංවර්ධනය කිරීම සහ නව ආකාරයේ උපාය මාර්ගික අවි පද්ධතියක් සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇති බව සඳහන්.