නත්තලට සටන් විරාමයක් නැහැ - රුසියාවෙන් ප්‍රකාශයක්
2022 December 16- Page Views : 1187
රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා. ඊයේ (15) රුසියාව ප්‍රකාශ කළේ, නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නො කරන බවයි.
මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇති අතර, දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.