WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට

2022 December 17- Page Views : 1187

මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ඊයේ(16) අලුයම 3 ට පමණ නාය යෑම සිදුවන අවස්ථාවේ නිවාඩු ගත කිරීමට පැමිණි පවුල් කුඩාරම් ඇතුලේ නින්දේ පසු වී ඇත.ඊයේ දිනය පුරා සහන සේවකයින් 400 ක් පමණ අතුරුදහන් වූ 12 දෙනා සෙවීම සඳහා කටයුතු කළ බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මියගිය අය අතර කාන්තාවන් 12 දෙනෙක් සහ ළමුන් 5 දෙනෙක් සිටින බවත් සහන කණ්ඩායම් වලට "එකිනෙකා වැළඳගෙන" තිබූ මළ සිරුරු දෙකක් හමුවූ බවත් එම මළ සිරුරු දෙක මව සහ දියණියගේ බවට විශ්වාස කරන බවත් බලධාරීහු පවසා තිබේ.