WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශයේ නිවාස සංකීර්ණයක ගින්නකින් 10ක් මරුට

2022 December 19- Page Views : 1187

ප්‍රංශයේ ලියොන් නුවර නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දසදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ලියොන් නුවර වුල්ක්සෙන් වෙලින් ප්‍රදේශයේ පිහිටි මහල් 7කින් සමන්විත එම නිවාස සංකීර්ණයේ ඊයේ උදෑසන හටගත් මේ ගින්නට බිලි වු අයගෙන් පස්දෙනකුම දරුවන් බව ද වාර්තා වේ. එම දරුවන් සියලුදෙනාම අවුරුදු 3 සිට 15 දක්වා වයස් කාණ්ඩයට පසුවූවෝ වෙති.

තවත් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළ බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. සෙසු පුද්ගලයන් සුළු තුවාල ලබා ඇති බවත්, ගිනි නිවන භටයන් දෙදෙනකු ද ඒ අතර සිටින බවත් වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 170කට අධික පිරිසක් එක්වී සිටි බව ද කියැවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.