තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි
2022 December 19- Page Views : 1187
තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
ඊයේ (18) රාත්‍රී තායිලන්ත බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට කිලෝමීටර් 32ක් පමණ ඔබ්බෙන් මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි එම යාත්‍රාව කුණාටුවකට හසුව පෙරළී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදාගෙන තිබුණි.
කුණාටුව හේතුවෙන් නෞකාව වෙත ජලය ඇතුළු වී එංජින් කාමරයේ විදුලිය විසන්ධි වී තිබේ.
මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.