වසර 21කට පසු ඉන්දියාවට විවාහක රූ රැජන කිරුළක්
2022 December 20- Page Views : 1187
මේ වසරේ ලෝක විවාහක රූ රැජන කිරුළට හිමිකම් කීමට ඉන්දියාවේ සර්ගම් කෝෂල් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුම්බායි නුවර කේන්ද්‍ර කරගත් මේ කාන්තාව පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී රටවල් 63ක තරගකාරියන් අතුරින් මේ ජයග්‍රහණය අත්කර ගත්තාය. අවසන් වරට 2001දී ඉන්දියාව වෙනුවෙන් එම කිරුළ දිනා ගනු ලැබුවේ අදිති ගෝවිත්‍රිකර් විසිනි.
ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ උපත ලබා ඇති සර්ගම්ට ලෝක විවාහක රූ රැජන කිරුළ පැලැඳවීම සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ එම කිරුළ දිනූ අමෙරිකාවේ ශෙලින් ෆෝර්ඩ් විසිනි. මෙවර විවාහක රූ රැජන තරගයේ අනුශූරිය ලෙස පොලිනීසියා දූපත් සමූහයේ තරගකාරිනිය දිනා ගත් අතර, කැනඩාව නියෝජනය කළ තරගකාරිනිය තුන්වැනි ස්ථානයට පත් වූවාය.