WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් වෙයි

2022 December 21- Page Views : 1187

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල තහනම් කරන බව තලෙබාන් සංවිධානය නිවේදනය කර තිබේ.

එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කරන බවය.

එරට බොහෝ ද්විතීයික පාසල්වලින් කාන්තාවන් ඉවත් කර ඇති අතර මෙම පියවර හරහා විධිමත් අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට ප්‍රවේශය තවදුරටත් සීමා කර තිබේ.

මීට මාස තුනකට පෙර ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමයින් සහ කාන්තාවන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිට ඇති බව සඳහන්ය.

එහෙත් ඔවුන් සඳහා පශු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කෘෂිකර්මාන්තය සඳහා සීමා කර නොතිබූ අතර ජනමාධ්‍ය විෂය හැදෑරිම ඔවුන්ට දැඩි ලෙස සීමා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.