WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයෙත් ඖෂධ හිඟයක්

2022 December 22- Page Views : 1187

පාකිස්තානය තුළ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ඖෂධ හිඟයකට ද එරට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානය තුළ දරුණු ලෙස ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් ඇති බවය.

පාකිස්තාන රජය මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට නොහැකිවීම මෙම ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව වී තිබේ.

ඒ අනුව දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පවා පාකිස්තානය තුළ සොයාගැනීම අපහසු වී ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අමතරව කරච්චි නුවර ඖෂධ අලෙවිසැල්වල තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එබැවින් ඉන්දියාව, අමෙරිකාව සහ චීනය යන රටවලින් සිදුකර ඇති ඖෂධ තොග ඇණවුම්වලට අදාළ ගනුදෙනු පියවීමට පාකිස්තානයේ ඖෂධ සමාගම්වලට නොහැකි වී ඇති බවද සඳහන් ය.

පවතින තත්ත්වය තුළ පාකිස්තානයේ ඖෂධ සමාගම් ද ඔවුන් සතු ඖෂධ තොගවල මිල ඉහළ දැමීම තත්ත්වය තවත් දරුණු කිරීමට බලපා ඇතැයි ද වාර්තා වෙයි.