WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශ වෙඩික්කරු අත්අඩංගුවට

2022 December 24- Page Views : 1187

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉලක්ක කර 69 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු මීට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ පුද්ගලයෙකු බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයට රැස්ව සිටි පිරිසක් සහ පොලීසිය අතර ගැටුමක් ද හටගෙන ඇති බව වාර්තා විය.