WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්ධන බවුසරයක් පුපුරා යයි - 10ක් මරුට

2022 December 26- Page Views : 1187

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ද්‍රව පෙට්‍රෝලියම් වායුව ප්‍රවාහනය කරමින් තිබූ අදාළ රථයේ වායු ගබඩාකරණ ටැංකිය පුපුරා ගොස් තිබේ.

එම අවස්ථාවේ වායු ටැංකියේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ලීටර් 60,000ක් පමණ ගබඩාකර තිබු බව විදෙස් වාර්තා පැවසීය.

මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජොහැන්නස්බර්ග් සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී ඇත.