WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශීත කාලගුණයෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

2022 December 26- Page Views : 1187

පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබේ.

අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යොර්ක් ප්‍රාන්තයට සිදුව ඇති බව වාර්තා වේ.

කැනඩාවේ මෙරිටි නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට ඇති අතර ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මෑත කාලීනව උතුරු අමෙරිකානු රටවලට බලපෑ දරුණුතම ආපදා තත්ත්වයක් බව සැළකේ.