WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සාමකතාවලට සූදානම්: රුසියන් ජනපති කියයි

2022 December 26- Page Views : 1187

රුසියාව යුක්රේනය සමඟ සාමකතා සඳහා සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියාව සාමකතා සඳහා සූදානම් වුවත්, යුක්රේනයට සහාය දක්වන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සාම කතා සඳහා අකුල් හෙලන බව රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

බටහිර රටවල අරමුණ වී ඇත්තේ රුසියාව කැබැලි කර විනාශ කිරීමට යැයි ද ජනාධිපති පුටින් චෝදනා නගා තිබේ.

රුසියන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ජාතික රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ අතර, නත්තල් දිනය වෙනුවෙන් සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමන් රුසියන් යුක්රේන යුද්ධය වහා අවසන් කළ යුතු බව පෙන්වා දුන්නේය.

රුසියන් යුක්රේන යුද්ධය කිසිදු අර්ථයක් ඇති යුද්ධයක් නොවන බව ද පාප්තුමෝ පැහැදිලි කළහ. රුසියන් ප්‍රහාර හමුවේ අසරණ වුණු යුක්රේන වැසියන් සීතලෙන් කුසට අහරක් නොමැතිව සිටීම ගැන තමන් කම්පා වෙනවා යැයි ද පාප්තුමෝ පෙන්වා දුන්හ.