WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා

2022 December 28- Page Views : 1187

චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වනතුරු චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහවහා යෑමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය කියාය.

කෙසේ නමුත් සාම්පාල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ, වාර්තා වන ආසාදිතයන් අතරින්, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ ආසාදිතයන් සිටින්නේ සියයට 15 ක් පමණක් බවය.

සියයට 50 කට වඩා වැඩි බහුතරයක් ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ ‘බී.එන්.’, ‘බී.කියු.’ සහ ‘එස්.වී.වී.’ නමැති ‘කොවිඩ් 19’ උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

එම වයිරස උප ප්‍රභේද සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ද යොමු කළ බව ද චීන සෞඛ්‍ය අංශ පවසයි.