WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවත් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

2022 December 29- Page Views : 1187

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් චීනයෙක් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ තිබියදී ඔවුන් විසින් කොවිඩ් සීමා ලිහිල් කර ඇති අතර එමගින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබා දි තිබේ.

අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.