WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුන් සාන් සුකී ට තවත් වසර 7ක සිර දඬුවමක්

2022 December 31- Page Views : 1187

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබේ.

ඒ අනුව ඇයගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 33කි.

2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත්තේය.

අනතුරුව චෝදනා 19 සම්බන්ධයෙන් ඇයට එරෙහිව මාස 18ක් පුරා නඩු විභාග පැවැත්වුණි.

අද (30) ඇයට එරෙහිව නගා තිබු අවසාන චෝදනා 5 සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අනුව ඇය දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව තීන්දුකර තිබුණි.

එහි සඳහන් ව ඇත්තේ රජයේ අමාත්‍යවරයෙක්ට නිසි ක්‍රමවේද අනුගමනය නොකර හෙලිකොප්ටර් යානයක් ලබාදී ඇති බවය.