ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට
2022 December 31- Page Views : 1187
කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
කාන්තාවන් දූෂණය කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධාත්මක අපරාධ සිදුකිරීමේ චෝදනා මත ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සොයුරු ට්‍රිස්ටන් රුමේනියා පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.ඇන්ඩෲ ටේට් සහ ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය ප්‍රකාශ කර ඇත.
ඔහුට සහ සහෝදරයාට අපරාධ රැසක් පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ඒ අතර අවම වශයෙන් කාන්තාවන් 6 දෙනකු, ඔවුන්ගේ දුර්වලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් සහ ප්‍රචණ්ඩත්වය භාවිත කරමින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ විකිණීම සඳහා පටිගත කිරීමට යොදා ගෙන ඇතැයි රුමේනියා පොලිසිය චෝදනා කර තිබේ.