WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන ජාතිකයින් ඉන්දියාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය

2023 January 01- Page Views : 1187

පසුගිය වසරේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය, මුදල්, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් ඉන්දීය දේශසීමා හමුදා භාරයට ගෙන තිබේ.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

දේශසීමා වැටලීම්වල දී ගිනිඅවි 67 ක් සහ පතොරම් 850ක් ද ඉන්දීය දේශසීමා හමුදා භාරයට ගෙන ඇත.

දේශසීමා ආරක්ෂක බළකාය විසින් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ඝාතනය කර ඇති අතර විවිධ සිදුවීම්වලදී පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකු පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.