WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව පුරා උත්සවශ්‍රීයෙන් නව වසර සැමරෙයි

2023 January 02- Page Views : 1187

පළමුව සැමරුවේ පැසිෆික් දූපත්වාසීන්

අතිවිශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ලොව පුරා රටවල පැවැති ගිනිකෙළි සහ අලෝක සංදර්ශන මධ්‍යයේ 2023 නව වසර උදා විය. බිලියන අට ඉක්මවූ ලෝක ජනගහනය අතුරින් නව වසර සුපුරුදු පරිදි පළමුවෙන්ම සමරනු ලැබුවේ පැසිෆික් දූපත් සමූහයට අයත් කිරිබාති දූපත් වැසියන් විසිනි. ලොව සෙසු රටවලට නව වසර උදාවීමට පැය කිහිපයක් තිබියදී කිරිබාති දූපත් වැසියන් 2023 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගත් අතර, සැමෝවා සහ ටොංගා දූපත් ද ඊට ඇතුළත් විය. නවසීලන්තයට නව වසර උදා වූයේ ඊට පැයකට පසුවය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මුලින්ම නව වසර පිළිගත් ලොව ප්‍රධානතම නගරය බවට පත් වූ අතර, ලෝ ප්‍රකට ‘ස්කයි ටවර්’ කුලුන නව වසරේ උදාවත් සමඟ ගිනිකෙළි සංදර්ශනයෙන් ආලෝකවත් විය.

ගිනි කෙළි සංදර්ශන සඳහා ලෝ ප්‍රකට නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට නව වසර උදාවීම ජාත්‍යන්තර අවධානයට ලක් වූ සිදුවීමක් බවට පත් විය. සිඩ්නි වරායේ ගිනිකෙළි සංදර්ශනය කවදත් ලොව පුරා අතිශය ජනප්‍රිය දසුනක් වන අතර, සිඩ්නි නුවර නව වසර සැමරීම නැරඹීමටම විදෙස් සංචාරකයන් එක්රොක් වීම සුලබ සිදුවීමකි. ජපානය, උතුරු හා දකුණු කොරියාවත්, චීනය, පිලිපීනය, බංග­්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, රුසියාව, දකුණු අප්‍රිකාව, ග්‍රීසිය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, ආජන්ටිනාව, අමෙරිකාව වශයෙන් පිළිවෙළින් පැය සහ මිනිත්තු කිහිපයක වෙනසකින් යුතුව වසර 2023 සැමරුම් සිදු කෙරිණි. අමෙරිකාවෙන් පිට කුඩා දූපත් රාජ්‍යයයන් වන බේකර් සහ හෝලන්ඩ් දූපත් සුපුරුදු පරිදි අවසන් වරට නව වසර උදා වූ ස්ථානයන් බවට පත් විය.

මෙවර නව වසර උදාවේදී ලොව බොහෝ රටවල උත්සව සහ සැනකෙළි පැවැත්වූයේ කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරටය. එවැනි නගර රැසක අතිවිශාල ජනතාවක් එක්රොක් වී නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගත් අතර, බොහෝ රටවල නව වසර උදාවේදී රටවලට ආවේණික විවිධ සංස්කෘතික උත්සව ද පැවැත්විණි. මෙවර නව වසර උදාවේදී වැඩිම ජනතාවකගේ සහභාගීත්වයෙන් පිරුණු සැණකෙළි පැවැත්වූයේ අමෙරිකාවේ නිව්යෝක් නුවර සහ එංගලන්තයේ ලන්ඩන් නුවරය.