රුසියාව පළිගැනීමට සැරසෙයි
2023 January 03- Page Views : 1187
යුක්‍රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත.
යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ඩොන්බාස්ක් කලාපයේදී රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අදාළ ප්‍රහාරයේදී රුසියානු හමුදා භටයින් 63දෙනෙකු මියගොස් ඇති බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශයට කර තිබේ.
මේ වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා 80කට අධික ප්‍රමාණයක් බිම හෙළා ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.