පිලිපීනයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 51ක් මරුට
2023 January 03- Page Views : 1187
පිලිපීනයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 51 දෙනකු මියගොස් තිබෙනවා.
දින කිහිපයක් තිස්සේ ඇඳ හැලෙන වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් සිදුව ඇති අතර දහස් ගණනක් අවතැන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම 19 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
නිවාස 5000ක් පමණ විනාශ වී ඇති අතර පළාත් පාලන ආයතන 20කට වැඩි සංඛ්‍යාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.