WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උතුරු කොරියානු නායකයාගෙන් දැඩි තීරණයක්

2023 January 04- Page Views : 1187

උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ.

එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන පක් ජොන් චොන්ය.

පක් ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසය.

ඔහු එරට පාලක කම්කරු පක්ෂයේ හමුදා කොමිසමේ උප සභාපති ලෙසින් ද කටයුතු කර ඇත.

හමුදා ප්‍රධානී චොන්ගෙන් හිස්වූ හමුදා කොමිසමේ ධුරය සඳහා තවත් උසස් නිලධාරියෙකු වන රී යොන්ග් ජිල් පත් කර තිබේ.

පසුගියදා පැවති හමුවක් අතරතුර උතුරු කොරියානු හමුදාව අත්පත් කරගෙන ඇති අවි බලය සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය.

පක් ජොන් චොන් ධුරයෙන් පහකරනු ලැබුණේ ඉන් අනතුරුවය.