ලෝක සෞඛ්‍යය සංවිධානය ද නො දන්නා කොවිඩ් උපප්‍රභේදයක් ඇමරිකාවෙන්
2023 January 05- Page Views : 1187
XBB.1.5 නමැති කොවිඩ් උපප්‍රභේදය ඊසානදිග ඇමරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිනී මාරියා වැන් කර්කොව් පවසන්නේ, මෙම උපප්‍රභේදය දැනට අනාවරණය කරගෙන ඇති වඩාත් ම සම්ප්‍රේෂණය කළ හැකි එකක් බව යි.
කෙසේ වෙතත් මෙම උපප්‍රභේදයේ ස්වභාවය හා බරපතළකම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවමත් දත්ත නොමැති බව සඳහන්.
එසේ ම එය පෙර උපප්‍රභේදවලට වඩා මිනිසුන් අසනීප වන බවට ද තවම දත්ත නැති බව යි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.