WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලැසුම් කර තිබූ මත්පෙති තොගයක් දකුණු ඉන්දියාවේ දී අත්අඩංගුවට

2023 January 06- Page Views : 1187

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා රැගෙන ඒමට සූදානම් කර තිබූ නීති විරෝධී මත්පෙති ලක්ෂ හයක තොගයක් ඉන්දියාවේ රාමනාදන්පුරම් හි දී තමිල්නාඩු පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

වේඩාලෙයි ගම්මානයට ආසන්න වෙරළ තීරයේ තිබූ යාත්‍රාවකින් මෙම මත්පෙති තොගය සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැළසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් මැඩලීමට ඔවුන් සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති බව සඳහන්.