ළඟදී ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට ?
2023 January 06- Page Views : 1187
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා වන දෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කරුණු වාර්තා වනවා.
පසුගිය ජූලි මස දී මෙරට ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මැතිවරණයකින් පත් වීමෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර අදාල සංචාරය සිදු කෙරෙන නිශ්චිත දින වකවානුවක් තවමත් ප්‍රකාශයට පත් කොට නැහැ.
කෙසේ නමුත් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අවශ්‍යතා සම්පාදනය කර ගැනීම සඳහා ණය රේඛාවලින් සම්න්විත ආධාර සැපසූ ඉන්දියාව දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 4 ක මූල්‍ය ආධාර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සමීපත ම හිතවතා බවට පත් වෙමින්.
මේ අතර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල අංශයක් ලෙස, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ වරාය සහ බලශක්ති වැනි ක්ෂේත්‍රවල ආයෝජන පුළුල් කිරීමටත් අවශ්‍ය මූලික පියවර රැසක් ගෙන තිබෙනවා.
ඒවායේ අදියරක් ලෙස යාපනය සහ චෙන්නායි අතර ගුවන් සම්බන්ධතා නැවත ස්ථාපිත කිරීමත්, ශ්‍රී ලංකාවේ උතුර සහ ඉන්දියාවේ දකුණු වරායන් අතර යෝජිත පාරු සම්බන්ධතා සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වනවා.
මේ සියලු තත්ත්වයන් අතරේ මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු ඉහළ පෙළ රාජ්‍ය තාන්ත්‍රිකයා බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පත් වීමට නියමිත අතර 2022 මාර්තු මාසයෙන් පසුව ආචාර්ය ජයශංකර් දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව ද වනවා.
පසුගිය මාසයේ දී ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානී පුනීත් අග්‍රවාල් ශ්‍රී ලංකාවට පැමිණි අතර එහි දී වරාය, නාවික හා ගුවන් සේවා, විදේශ කටයුතු සහ විදුලිබල හා බලශක්ති විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඔහුගේ පැමිණීමට පෙරාතුව ඉන්දියාවේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ (RAW) ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල්,ජනාධිපති වික්‍රමසිංහ ඇතුළු
මෙරට ඉහළ පෙළ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත් වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිල නොලත් නායක බැසිල් රාජපක්ෂ රාජපක්ෂ ද හමු වුණා.
කෙසේ නමුත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී දෙපාර්ශවය එකඟ වූ ක්ෂේත්‍රවල ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරන බවයි කරුණු වාර්තා වන්නේ.