බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී
2023 January 09- Page Views : 1187
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවය.
එය "ෆැසිස්ට්" ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.