WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෙනගාලයේ බස් රථ අනතුරින් 39 ක් මරුට

2023 January 10- Page Views : 1187

බටහිර අප්‍රිකාවට අයත් සෙනගාල් රාජ්‍යයේ කෆිරීන් නමැති පළාතේ සිදුවුණු බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

එක් බස් රථයක රියදුරකුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවුණු බව පොලිසිය පවසා තිබේ. සෙනගාලයේ මාර්ග අනතුරු බහුලය. ඒ, මාර්ග ඉතා අබලන් තත්ත්වයක පවතින බැවිනි.

කෙසේ නමුත් එක අනතුරකින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.