ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක්
2023 January 12- Page Views : 1187
ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබේ.
අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.