WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රකට ගායන ශිල්පිනී මාරි ප්‍රෙස්ලි මිය යයි

2023 January 13- Page Views : 1187

ලෝක පූජිත රොක් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එක ම දරුවා සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳක වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) එක්සත් ජනපදයේ දී හෘදයාබාධයකින් මිය ගිය බව ඇගේ මව නිවේදනය කර තිබෙනවා.

තම දියණියගේ වියෝව පිළිබඳ එල්විස් ප්‍රෙස්ලිගේ බිරිඳ වන ප්‍රිසිලා ප්‍රෙස්ලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "මගේ රූමත් දියණිය ලීසා මාරි අප හැර ගිය බවට වූ දුක්බර පුවත බෙදාගත ගන්නේ අපහසුවෙන් දැඩි කර ගත් හදවතකින්" බවයි.

කැලිෆෝනියාවේ කැලබසාස් හි පිහිටි ඇගේ නිවසේ දී සිහිසුන්ව වූ ඇයව ප්‍රතිකාර සඳහා යොමු කළත් ඇය ඉක්මනින් මිය ගිය බවයි ඈ සම්බන්ධයෙන් වන විදෙස් පුවත් වාර්තා කරන්නේ.

මාරි ප්‍රෙස්ලි ඇගේ කීර්තිමත් පියාගේ අඩිපාරේ යමින් ගීත ඇල්බම තුනක් නිකුත් කළ අතර මයිකල් ජැක්සන්, නළු නිකොලස් කේජ්, සංගීතඥයන් වන ඩැනී කීෆ් සහ මයිකල් ලොක්වුඩ් සමග විවාහ ගිවිස ගෙන සිටියා.

ජනප්‍රිය නිළි Roxy Keough ඇතුළු දරුවන් තිදෙනෙක්ගේ මවක වූ මාරි ප්‍රෙස්ලි මිය යන විට 54 වන වියෙහි පසු වුණා.

ඇය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මෙම සතිය මුල දී ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ දී යි.