WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

2023 January 14- Page Views : 1187

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.

විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවය. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කළේය.

ඇමෙරිකන් මාධ්‍ය අද (13) අනාවරණය කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවය. බයිඩන් නිවසේ විවේකීයව සිටිද්දී, වැඩිපුර කාලය ගත කරන්නේ ගරාජයේ යැයි ද පැවැසෙයි.

රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ. එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට පූර්ණ සහාය ලබා දෙන බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

බයිඩන් සන්තකයේ රහස් ලියවිලි තිබීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද පවසා තිබේ.