WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් අනතුරින් මියගිය ගණන 40ක්

2023 January 15- Page Views : 1187

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොඛාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට යාමේදී ගුවන්යානයේ හදිසියේ ගින්නක් හට ගෙන ඇති අතර පසුව යානය කඩා වැටි ඇති බව වාර්තා වේ.

අනතුරට ලක් වු එම යානයේ විදේශිකයන් 15දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළුව මගීන් 72 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර, මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන් වන බවත් එහි ඉන්දීය ජාතිකයින් 5දෙනෙක්, රුසියානු ජාතිකයින් සිව්දෙනෙක් සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇත.

එමෙන්ම අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය යන රටවලින් ද එක් මගියෙකු බැගින් ද සිට ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන්යානයකි.

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේ සිට පොඛාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටින අතරතුර මෙම ගුවන්යානය අනතුරට ලක් ව ඇත.

නේපාලයේ හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙහෙයුම් සඳහා සොල්දාදුවන් 200ක් පමණ යොදවා ඇති බවත් අනතුරට ලක් වූ යානය කෑලිවලට කැඩී ගොස් ඇති අතර හමුවූ මළ සිරුරු වලට අමතරව අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

එමෙන්ම නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විසින් මේ සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.