WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 3කට අලෙවි කිරීමට ගිය නිධන් වස්තු

2023 January 23- Page Views : 84

නිධානයකින් ලබාගත් බවට සැකකෙරෙන පුරාවස්තු විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) කළුතර ප්‍රදේශයේ පිහිටි හෝටලයක රථ ගාලක් අසල සිදුකළ වැටීමක දී එම සැකකරුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරම මෙහෙයවන ලද ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතුන් මත යුද හමුදාවෙන් විශ්‍රාමිත ගැන්වූ සෙබළෙකු වන බවට අනාවරණය වී තිබේ.

එම සැකකරු 34 හැවිරිදි මොරගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරදු 36ක් සහ 42 ක් වන ගන්දර හා කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත.

සැකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 03කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (23) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර උතුර පොලීසිය හා පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.