WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිධානයකින් ගත් පුරාවස්තු කෝටි 3 කට විකිණීමට යද්දී දැලේ

2023 January 24- Page Views : 32

තෙල්දෙණිය ප්‍රදේශයේ නිධානයකින් ලබාගත් බවට සැක කරන ඉපැරණි සෙල් ලිපියක් ඇතුළු භාණ්ඩ රුපියල් කෝටි 3 කට අලෙවි කිරීමට උත්සාහ කළ විශ්‍රාමික යුද හමුදා සෙබළකු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පානදුර කළුතර උතුර ප්‍රදේශයේදී පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුරාවස්තු අතර තිබී මහා බලගතු තෙල් අඩංගු බවට සැක කරන මංජුසා දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් පවසා ඇත්තේ මෙම මංජුසා දෙකේ ඇත්තේ මහා සරස්වතී තෛලය සහ මහාමාතාෂ්වරී තෛලය බවයි. එම තෙල් අඩංගු බවට සැකකරන මංජුසා දෙක විශේෂ පාෂාණයකින් නිර්මාණය කර ඇති අතර එම මංජුසා විවෘත කළ නොහැකි ආකාරයට සීල් කර ඇති බව ද පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කළ වැටලීමකදී මෙම කල්ලිය සමඟ පුරාවස්තු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හිටපු හමුදා සෙබළා සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලා ගෙන ගිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කළුතර සංචාරක හෝටලයක රථ ගාලේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී සොයාගත් භාණ්ඩ අතර මැණික් එබ්බවූ ආභරණ කීපයක්, රන් මංජුසාවක්, සෙල් ලිපියක් සහිත ගල් පුවරුවක්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ගලින් නිම වූ මංජුසාවක් සහ ග්‍රෑම් 250 ක් බර තවත් මංජුසාවක් සහ නිධන් හෑරීමට යොදා ගන්නා උපකරණයක් ද තිබී ඇත.

මෙම භාණ්ඩ සියල්ල කළුතර උතුර පොලිසිය වෙත භාර දී ඇති අතර පුරාවිiා දෙපාර්තමේන්තුව මගින් මෙම පුරාවස්තුවල වටිනාකම සහ ඒවායේ පෞරාණික භාවය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට නියමිතය.