ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ 25 වැනි සංවත්සරය
2023 January 29- Page Views : 23 ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති වැඩසටහන්වලට සමගාමීව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දෙහිවල ශාඛාවේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පාපැදි සහ රථවාහන පෙළපාලියක් ඊයේ පැවැත්වුණා.
අනතුරුව පිරිස පාගමනකින් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රය වෙත පැමිණියා.
25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ පස්වරුවේ සැණකෙලියක්ද පැවැත්වුණේ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රයේයි.