WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චමරි අතපත්තුට ඔස්ට්‍රේලියාවේදී සුවිශේෂී තැනක්

2023 November 16- Page Views : 38

Women's Big Bash League තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් ගත් සුවිශේෂී තීරණයක් පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතාබහක් ඇතිව තිබේ.

ඒ ඇයගේ නමින් සිඩ්නි කීඩාංගණයේ ආසන සහිත කොටසක් නම්කිරීම හේතුවෙනි.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ Women's Big Bash League තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder Women කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව එළඹෙන 26 වනදා පැවැත්වෙන Sydney Thunder Women සහ Sydney Sixers Women අතර තරගයේදී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් Chamari Bay ලෙස නම්කර ඇත.

Women's Big Bash League තරගාවලියේ චමරි අතපත්තු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.